GRADE 6

Buddhism

-Mr. Sudassana

06 - පාඩම - රාහුල පොඩි හාමුදුරුවෝ
පහත සඳහන් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න.

  1. රාහුල කුමරුගේ මව සහ පියා නම් කරන්න.
  2. රාහුල කුමරු ඉපදුණේ කුමන පොහොය දිනකදී ද ?
  3. ගිහි ගෙය හැරයාම හදුන්වන්නේ කුමන නමකින්ද ?
  4. සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් පුරයට වැඩියේ කුමන පොහොය දිනකදී ද ?
  5. සිදුහත් කුමරු ගිහිගෙය හැරගියේ කුමන පෝය දිනකදී ද ?
  6. නරසීහ ගාථා ගායනා කරනු ලැබූවේ කවුද ?
  7. බුදුරදුන්ගේ ගුණ වර්ණනා කරමින් ගායනා කරනු ලැබූ නරසීහ ගාථා වල අඩංගු ගාථා ගණන කොපමණද ?
  8. නීග්‍රෝධාරාමය බුදුරදුන්ට පූජා කරනු ලැබුවේ කවුරුන්ද ?
  9. රාහුල කුමරු පැවිදි කරවූයේ කුමන ආරාමයේදී ද ?
  10. රාහුල කුමරු පැවිදි කරවූයේ කවුරුන් විසින්ද ?
  11. රාහුල පොඩි හාමුදුරුවන්ගේ ඉවසීම ප්‍රගුණ කෙරෙන අවස්ථා දෙකකට උදාහරණ දෙන්න.
  12. පැන් භාජනයේ උපමාව පරිදි බුදුරදුන් විසින් රාහුල හාමුදුරුවන්ට දුන් අවවාද හතර ලියන්න.
  13. කැඩපතේ උපමාව පරිදි බුදුරදුන් විසින් රාහුල හාමුදුරුවන්ට දුන් අවවාදය කුමක් ද ?
  14. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින අවස්ථාවේදී රාහුල හාමුදුරුවෝ වැඩ සිටියේ කොහේද ?
  15. රාහුල හාමුදුරුවෝ රහත් වුයේ කුමන සූත්‍රයක් ඇසීමෙන් ද ?
  16. රාහුල හාමුදුරුවෝ ලැබූ අග තනතුර කුමක්ද ?
  17. රාහුල හාමුදුරුවන්ගේ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ පහක් පෙළ පොතේ ඇත. ඒවා ලියන්න.