GRADE 6

Buddhism

-Mr. Sudassana

8 පාඩම-දිවි මග සරු කරන සීලය
පහත සඳහන් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු සපයන්න.

  1. "සීලය" යනු කුමක්ද ?
  2. "ත්‍රි ශික්ෂාව" නම් කරන්න.
  3. "සීලයේ" ප්‍රධාන අංග දෙක නම් කරන්න.
  4. "සැපවත්ව ජීවත් වීමටත් , සසර දුකින් අත් මිදීමටත් උපකාර වන මාර්ගය" ධර්මයේ හැඳින්වෙන්නේ කුමන නමකින්ද ?
  5. "ආර්ය අෂ්ටාංගික මාර්ගය" විස්තර වන්නේ චතුරාර්ය සත්‍යයේ කුමන ආර්ය සත්‍යයේ දී ද ?
  6. සීල ශික්ෂාවට අයත් මාර්ගාංග කීයද ? ඒ මොනවාද ?
  7. "චාරිත්‍ර ශීලය" යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද ?
  8. "වාරිත්‍ර ශීලය" යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද ?
  9. යහපත් වචන කතා කිරීම සතර ආකාර වේ . ඒවා ලියන්න.
  10. "සම්මා කම්මන්තයට" අයත් අංග කීයද ? ඒ මොනවාද ?
  11. ධර්මයෙහි සඳහන් වන පරිදි "ජීවන ක්‍රම දෙක" මොනවාද ?
  12. බුදු දහමෙහි සඳහන් වන පරිදි නිවැරදි ජීවන ක්‍රම හතරක් ලියන්න.
  13. සිල්වත්ව කටයුතු කිරීමෙන් අපට ලැබෙන ආනිශංස පහ ලියන්න.
  14. " විරමනය " යන්නෙන් අදහස් වන්නේ කුමක්ද ?
  15. සිල්වත් දරුවෙකුගේ ලක්ෂණ 5 ක් ලියන්න.
  16. කායේන සංවරෝ සාධු.....යන ගාථාවේ ඉතිරි පද තුන සම්පූර්ණ කර එහි සරල අර්ථය ලියන්න.
  17. පහත සඳහන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුපිළිවෙළින් අභ්‍යාස පොතේ ලියාගෙන එය පාඩම් කරගන්න.
    1. සම්මා දිට්ඨි ( නිවැරදි දැකීම )
    2. සම්මා සංකප්ප ( නිවැරදි කල්පනාව )
    3. සම්මා වාචා ( නිවැරදි වචනය )
    4. සම්මා කම්මන්ත ( නිවැරදි කටයුතු )
    5. සම්මා ආජීව ( නිවැරදි දිවි පැවැත්ම )
    6. සම්මා වායාම ( නිවැරදි උත්සාහය )
    7. සම්මා සති ( නිවැරදි සිහිය )
    8. සම්මා සමාධි( නිවැරදි සිත එකඟ කිරීම )