අනුලා දියණියන්ගේ දැනුම් ලොවට නව ආලෝකයක් – නවීකරණය කළ ප්‍රාථමික පුස්තකාලය සහ නව මාධ්‍ය ඒකකය සිසු අයිතියට!
අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අඩුපාඩුවක්ව පැවති පුස්තකාලය, රජයේ ප්‍රතිපාදන මත නවීන පහසුකම් සහිතව අලුත්වැඩියා කර සිසු අයිතියට පත් කිරීම 2026 නොවැම්බර් 05 වන දින සිදු කෙරිණි. මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ගරු අරෝෂ අතපත්තු මහතා, විද්‍යාලයේ විදුහල්පතිනි එම්. එස්. ආර්. අයිරාංගනී මහත්මිය, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනි සඳමාලි ගමගේ මහත්මිය, පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා ඇතුළු නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දෙමාපියන් සහ දියණියන් සහභාගී වූහ. එදිනම ප්‍රාථමික අංශය සඳහා අලුතින් ස්ථාපිත කළ මාධ්‍ය ඒකකය (Media Unit) ද විවෘත කෙරිණි. දියණියන්ගේ කියවීමේ පුරුදු, දැනුම, නිර්මාණශීලීත්වය හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීමට මෙම නව පහසුකම් මහඟු පිටුවහලක් වනු ඇත. මෙම වටිනා කාර්යය සාර්ථක කර ගැනීමට දායක වූ සියලු දෙනාට විද්‍යාලයේ හෘදයාංගම ස්තුතිය! ❤️ දැනුමෙන් පිරිපුන් අනාගතයක් වෙනුවෙන්... අනුලා දියණියන් සමඟ ඉදිරියට! #AnulaVidyalaya #AnulaDaughters #SchoolLibrary #MediaUnit